Wednesday, December 29, 2010

ග්‍රේෂන් ආනන්ද

ප්‍රවීන ගායන ශිල්පී ග්‍රේෂන් ආනන්ද මහතා අභාවප්‍රාප්ත වී පැය කිහිපයක් එක්ම ඇති මොහොතෙ ඔහුට ගරුකිරිමක් ලෙස මෙම ගීතය post කිරිමට කල්පනා කලෙමි.
1984 දි සසර චේථනා චිත්‍රපටයට නිරන්ජලා සරොජනි සමග ගැයුනු මේ ගීය මා තොරා ගත්තෙ එක්පසෙකින් මා ප්‍රිය කරන ගිතයක් වීම නිසාත් අනෙක් පසින් මෙහිවු අපුරු තාක්ශණ ප්‍රයොගයක් නිසාත්ය.ඔබට ඇසෙනවා නම් මෙහි "හිමකදු යහනෙ" වැනි කොටස් වල කදු අතර හඩ දොන්කාර දෙන හැඩ මොනතරම් අපුරුද?එය කෙතරම් සජීවීද?තාක්ශණය අදමෙන් දියුණු නොවූ වට පිටාවක් තුල මෙය කලෙ කෙසෙද?
වරෙක ඔහුම පැවසූ පරිදි ඔවුන් mic එකෙන් විවිද දුර සිට ගායනා කිරිමෙනි එක කර ඇත්තෙ. :)
එ ඔහු ගැන එක් මතකයක් පමණි,ඔහු පිලිඹද මතක අතර කලකට ඉහත චිත්‍රපට සංස්ථාවෙන් සංවිදානය කල පැරණි ගි නව පරපුර යොදවා ගායනා කරන වැඩසටහනකට පැමිණි හෙතෙම ඔහුගෙ ගියක් හොදින් ගායනා කල නිසාම අප සගයෙකු වැලද ඔහුගෙ පිටට තට්ටුකල අතර("well done putha" wage)අප මිතුරාද ඔහුගෙ පිටට තට්ටුකල බව ("well done u grashan too" wage.:P) මතක් වෙන විටද(තෙරුනාද මන්ද.:(...) වාදන කන්ඩායමෙ අප හා සුහද ලෙසින් හැසිරුන බව මතක්වන විටද සිනහවක් මුවට නැගෙ‍.
‍ ඔහු කිසිදා අප හදවත් තුලින් නොමැකෙනු නොවනු මනයි.