Saturday, January 1, 2011

සොදුරු සොයුරිය

එය සීතල දිගු රාත්‍රියක් විය....

සද දිය ගලාවිත් නපුරු අදුර ගිලගෙන තිබින....

හදිසියෙම දැනුන සුපුරුදු සුවදින් ම හද අවදි විය...

මෙතෙක් වෙලා මග බලාසිටි මා දැස,මටත් කලින් පෙරමං ගොසිනි..

මොහොතකින් මිතුරු වෙස් ගත් ඒ සොදුරු රුව මා අබියස නෙතු සැලිය....

මිතුරු සිනා පා මා ඈ හා දොඩමලුවිය....


සප්ත මහා සාගරයම තරම් බර දිය බිදුක් මා අත මත වැටුනෙ එ අතරේය...

ලොදිය තරම් උනුසුම ඒ, කදුලු බ්දුවක් බැවු ඇගේ තෙත බරිත කොපුල්තල කියා පෑය..

සිනා සපිරි මුව මඩල වහන් කල, බොදවූ පෙමක සොදුරු මතකයන් කදුලු බිදුවී ගලා හැලෙයි..

අසරණ මා ඇයට සවන් යොමනවා විනා ඇය වෙනුවෙන් කල හැක්කක් නැත.....

ඇයගෙ සියුමැලි අතගිලි මාදැතෙ වෙලින..


සොවින් බර ඇගෙ නෙතු සොයුරු මාගෙ උර තලයෙ පෙලින...

තත්පර කට්ට අප යන මාවතෙ හැටට හැටෙ අනෙක් පසට දුවනුපෙනින..

ඇයත් මමත් මතක මාවතක පියනගමින් සොදුරු කඩඉම් පිරික්සිය...

පුදුමෙකි! මා දෙකුපුල් තෙත් වූයෙ කෙසෙද? ඈ ගැන උපන් දයානුකම්පාව නිසාද?

ඒ අන් කිසිවක් නොව ප්‍රඨම ප්‍රේමය කුරුටු ගෑ මගෙ මතක පොතෙ ඉරි ගිය පිටුව හදෙ ගැටුන නිසාය..


පාට පිරුණු රැලි ගවිමක් විසිකර...

පොරවා රළු පිලි සගවා වටකර...

පුංචි දෙපා යුග දවටා සිරකර...

මල්විය අරුණැලි සගවා කැපකර...

සොයුරු දනන් වෙත සෙනෙහස පාමින...

අහිමිව ගිය උන් වාරුව සදමින...

ලිපිගොනු අතරේ දෑසම හොවමින...

හොලනා දහදිය රට දැය වෙනුවෙන...

හඩනා දරුවන් ඔසවා ලංකර...

පිසදා කදු ලැලි පාලා මවුවර...

නොපෙනී ලොවවෙත කරනා මෙහෙවර...

සෙබලිය ඔබ මවුරට දිනු දිනකර...