Friday, September 30, 2011


ශ්වේත වර්ණ සුපුන් සඳේ දිලෙන ඈත ආකාසේ

නෙක බබළන තරු අතරේ සිත බැඳ ගත් සොඳුරු ළඳේ

මුව හසරළි නිතර සලන දිවි අරණේ දිය දහරේ

නිබඳ සරා සිත සපුර සැනසෙන් මා හද තුරුළේ

සිතින් ඇවිද යමි ඔබහා මල් තුරු වැල් වදුලු අරා

සිහින දකිමි සැනසෙන්නට ඔබ ඇකයේ හිස රන්දා

නිතර දකින නෙතු දෑලේ පැටලී මා මුලා වෙලා

නොමැත මගේ සිත සහනය දිනයක ඔබ ලබන තුරා

වසන්තයක යැය් නොදැනිම ග්‍රීශ්මයක සිරවීලා

කෙනෙක් තණන සිහින මැදුරු දරාසිටින කුලුන වෙල

ඔබෙ රුවැති වත කැටයම් කරමි එමැදුරු බිත්ති පුරා

පමා වැඩී ඔබ ලැබුමට මා කෙනෙකුට උරුම වෙලා

-sanju-

Saturday, January 1, 2011

සොදුරු සොයුරිය

එය සීතල දිගු රාත්‍රියක් විය....

සද දිය ගලාවිත් නපුරු අදුර ගිලගෙන තිබින....

හදිසියෙම දැනුන සුපුරුදු සුවදින් ම හද අවදි විය...

මෙතෙක් වෙලා මග බලාසිටි මා දැස,මටත් කලින් පෙරමං ගොසිනි..

මොහොතකින් මිතුරු වෙස් ගත් ඒ සොදුරු රුව මා අබියස නෙතු සැලිය....

මිතුරු සිනා පා මා ඈ හා දොඩමලුවිය....


සප්ත මහා සාගරයම තරම් බර දිය බිදුක් මා අත මත වැටුනෙ එ අතරේය...

ලොදිය තරම් උනුසුම ඒ, කදුලු බ්දුවක් බැවු ඇගේ තෙත බරිත කොපුල්තල කියා පෑය..

සිනා සපිරි මුව මඩල වහන් කල, බොදවූ පෙමක සොදුරු මතකයන් කදුලු බිදුවී ගලා හැලෙයි..

අසරණ මා ඇයට සවන් යොමනවා විනා ඇය වෙනුවෙන් කල හැක්කක් නැත.....

ඇයගෙ සියුමැලි අතගිලි මාදැතෙ වෙලින..


සොවින් බර ඇගෙ නෙතු සොයුරු මාගෙ උර තලයෙ පෙලින...

තත්පර කට්ට අප යන මාවතෙ හැටට හැටෙ අනෙක් පසට දුවනුපෙනින..

ඇයත් මමත් මතක මාවතක පියනගමින් සොදුරු කඩඉම් පිරික්සිය...

පුදුමෙකි! මා දෙකුපුල් තෙත් වූයෙ කෙසෙද? ඈ ගැන උපන් දයානුකම්පාව නිසාද?

ඒ අන් කිසිවක් නොව ප්‍රඨම ප්‍රේමය කුරුටු ගෑ මගෙ මතක පොතෙ ඉරි ගිය පිටුව හදෙ ගැටුන නිසාය..


පාට පිරුණු රැලි ගවිමක් විසිකර...

පොරවා රළු පිලි සගවා වටකර...

පුංචි දෙපා යුග දවටා සිරකර...

මල්විය අරුණැලි සගවා කැපකර...

සොයුරු දනන් වෙත සෙනෙහස පාමින...

අහිමිව ගිය උන් වාරුව සදමින...

ලිපිගොනු අතරේ දෑසම හොවමින...

හොලනා දහදිය රට දැය වෙනුවෙන...

හඩනා දරුවන් ඔසවා ලංකර...

පිසදා කදු ලැලි පාලා මවුවර...

නොපෙනී ලොවවෙත කරනා මෙහෙවර...

සෙබලිය ඔබ මවුරට දිනු දිනකර...

Wednesday, December 29, 2010

ග්‍රේෂන් ආනන්ද

ප්‍රවීන ගායන ශිල්පී ග්‍රේෂන් ආනන්ද මහතා අභාවප්‍රාප්ත වී පැය කිහිපයක් එක්ම ඇති මොහොතෙ ඔහුට ගරුකිරිමක් ලෙස මෙම ගීතය post කිරිමට කල්පනා කලෙමි.
1984 දි සසර චේථනා චිත්‍රපටයට නිරන්ජලා සරොජනි සමග ගැයුනු මේ ගීය මා තොරා ගත්තෙ එක්පසෙකින් මා ප්‍රිය කරන ගිතයක් වීම නිසාත් අනෙක් පසින් මෙහිවු අපුරු තාක්ශණ ප්‍රයොගයක් නිසාත්ය.ඔබට ඇසෙනවා නම් මෙහි "හිමකදු යහනෙ" වැනි කොටස් වල කදු අතර හඩ දොන්කාර දෙන හැඩ මොනතරම් අපුරුද?එය කෙතරම් සජීවීද?තාක්ශණය අදමෙන් දියුණු නොවූ වට පිටාවක් තුල මෙය කලෙ කෙසෙද?
වරෙක ඔහුම පැවසූ පරිදි ඔවුන් mic එකෙන් විවිද දුර සිට ගායනා කිරිමෙනි එක කර ඇත්තෙ. :)
එ ඔහු ගැන එක් මතකයක් පමණි,ඔහු පිලිඹද මතක අතර කලකට ඉහත චිත්‍රපට සංස්ථාවෙන් සංවිදානය කල පැරණි ගි නව පරපුර යොදවා ගායනා කරන වැඩසටහනකට පැමිණි හෙතෙම ඔහුගෙ ගියක් හොදින් ගායනා කල නිසාම අප සගයෙකු වැලද ඔහුගෙ පිටට තට්ටුකල අතර("well done putha" wage)අප මිතුරාද ඔහුගෙ පිටට තට්ටුකල බව ("well done u grashan too" wage.:P) මතක් වෙන විටද(තෙරුනාද මන්ද.:(...) වාදන කන්ඩායමෙ අප හා සුහද ලෙසින් හැසිරුන බව මතක්වන විටද සිනහවක් මුවට නැගෙ‍.
‍ ඔහු කිසිදා අප හදවත් තුලින් නොමැකෙනු නොවනු මනයි.

Saturday, November 27, 2010


පවනේ වැදි නැලවෙන මල් කැකුලු ඔබ එන මග සරසනු මැන..

මිදුම් පටල ඔබ ගත වෙල සිසිල දෙනුමැන..

සියොතුන් දහසින් වින් ගී ගයා ඔබ සනසනු මන...

මා එන තුරු ඇහේ පාලූව මකනු මැන...


මතක‍යි එදා අපි ඇවිදපු කටුක මග...

ආවෙ එතෙර සතපන්නට ඔබ මල් යහන් උඩ..

මහ සමුදුරු හිම කදු ඇතත් අප වෙන්කොට..

මගෙ හද පුරා ඔබ ඇව්දින සුව විදීමි මම..


නපුරු සුලන් මා හදවත පෙලන් නෙ..

ඔබෙ යහනෙ උනුසුම් බව කියවෙන්නෙ...

පෙර ලෙස ආදර වදන් මා වෙන නොම එන්නේ..

කාසි සෙලවෙන නිස ඔබ හොදිනැයි සිත දන්නේ...


මිතුරු ලෙස අප ගෙවු කාලය
සිහිව එයි ඒ සොදුරු මතකය
ඔබයි සිහිනේ රැදුනු දෙවගන
වදන් ගෙතුවෙමි ඔබේ සවනට

අන්ධකාරෙ පාළුවෙ මා
සොයමි ඔබ නෙතු කොහි ගියා ඔබ
නිහඩ බව පිරි නපුරු රාත්‍රිය
කියයි හඩගා ම වැරදි බව


දෙව් ලොවෙත් නැති සැපත් තිබෙනා
බොජුන්හල් වල සුවද ගලනා
විදුලි මිණි එහි දිලී දිලෙනා
මවයි දෙව් ලොව නගර මැදිනා

රටේ දසතින් සිසුන් ඇදෙනා
සොදුරු බිම මල්සරා වඩිනා
දහසකුත් අපි පිස්සු කෙලිනා
නමින් "rotary" ය දැනුම බෙදනා

අදුරු මුලූ වල සිටින ළදුනා
ගෙවයි පවු උන් කලා පෙරදා
මදුවිතින් පිරි වීදි දිගිනා
නුගෙගොඩ එ මමත් සිටිනා